2026 ජූලි 31 සිකුරාදා, 20:51
නවතම පුවත්

ක්‍රීඩාවෙන් හොරකම් කරන අය ගැන කෙළින්ම ඇමැතිට කියන්න

ක්‍රීඩා ආයතන තුළ සිදුවන වංචා දූෂණ පිළිබඳ සෘජුව වාර්තා කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පෙරවරුවේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන අය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

එම අවස්ථාවේ අමාත්‍ය ගමගේ මෙසේද පැවසීය.

“දේශපාලන ප්‍රශ්න සහ අතීත අඩුපාඩු අතහැර අපි ඉදිරියට යමු. නමුත් සිදුවී ඇති වංචා දූෂණ අපට නොසළකා හරින්න බැහැ. දූෂණයෙන් හා අක්‍රමිකතාවලින් තොර යහපත් සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි. ආයතන තුළ සිදුවන දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳව සෘජුවම අප වෙත වාර්තා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ ඉහළ නිලධාරීන්ගේ හෝ ඇමැතිවරුන්ගේ මැදිහත්වීම නිසා මෙය කළ නොහැකි වන්නට ඇති. දැන් එවැනි බාධක තවදුරටත් නැහැ. අපිත් එක්ක එකට වැඩකරන්න”.

මත්ද්‍රව්‍ය භාවිතය, විදේශගත වීම සහ රැකියා සුරක්ෂිතභාවය වැනි තරුණ පරම්පරාවට බලපාන තීරණාත්මක ගැටලු විසඳීමට අමාත්‍යාංශයේ කැපවීම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වැදගත්කම පෙන්වාදුන් ඔහු මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ හැකි බව ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories