2026 ජූලි 31 සිකුරාදා, 15:38
නවතම පුවත්

කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය කරගන්න ට්‍රම්ප් මුට්ටිය දාලා බලයි

කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්වීම හොඳ අදහසක් වනු ඇති බව අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, කැනඩාව දේශපාලන කැලඹිලිවලින් පීඩා විඳිමින් සිටින බැවින් බොහෝ කැනේඩියානුවන් මෙම අදහස පිළිගන්නා බවයි.

“බොහෝ කැනේඩියානුවන්ට කැනඩාව 51 වැනි රාජ්‍යය බවට පත්වීමට අවශ්‍යයි,” ට්‍රම්ප් Truth Social හි පළකර ඇත.

“මෙමගින් ඔවුන්ගේ බදු සහ හමුදා ආරක්ෂාව සඳහා විශාල වශයෙන් ඉතිරි කරනු ඇත. මම හිතන්නේ එය විශිෂ්ට අදහසක්. 51 වන රාජ්‍යය!!!” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පැවසූ පළමු අවස්ථාව මෙය නොවන බව ද විදෙස් ජනමාධ්‍ය පවසයි.

විශේෂයෙන්, ඉකුත් සඳුදා කැනඩාවේ නියෝජ්‍ය අගමැතිගේ කම්පන සහගත ඉල්ලා අස්වීමෙන් පසුව ට්‍රම්ප් සිදුකළ මෙම ප්‍රකාශය ඇතැමුන් නුසුදුසු ප්‍රකාශයක් ලෙස පවසා ඇති අතර ඇතැමුන් හාසය්‍යක් ලෙස දක්වයි.

මේ අතර, මෙම සතියේ සිදුකළ මහජන මත විමසුමකින් කැනේඩියානුවන්ගෙන් සියයට 13 ක් ඔවුන්ගේ අසල්වැසියා සමඟ සම්බන්ධ වීමේ අදහසට සහාය දක්වන බව අනාවරණ වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නොවැම්බර් අගදී ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ වතුයායේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ට්‍රම්ප් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ වෙත එම ප්‍රකාශය කළ විට ඔහු ශබ්ද නගා සිනහවීමෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි ද සඳහන් වේ.

මේ අතර කැනඩාවේ හිටපු නියෝජ්‍ය අගමැති සහ ක්විබෙක් ප්‍රධාන අමාත්‍ය ජීන් චාරෙස්ට් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ

“සෑම කැනේඩියානු ජාතිකයෙකුම, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධ විය යුතුය,” යනුවෙන් කැනේඩියානු දේශපාලකයකු වන චාරෙස්ට් X හි සටහනක් තබා තිබේ.

“බොහෝ කලක සිට, අපි එක්සත් ජනපදය සහ ලෝකයේ සෙසු රටවල් සමඟ අපගේ සබඳතා ගැන සෑහීමකට පත් වී සිටිමු. කැනඩාවේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා අපි එක්සත් වී මෙම ප්‍රකාශයට එරෙහිව නැගීසිටිය යුතුය.” යනුවෙන් ද ඔහු පවසා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories