2026 ජූලි 29 බදාදා, 11:18
නවතම පුවත්

කියපු වෙනස්කම් කරගන්න බැරිව අනුර අද අතරමං වෙලා

” ජනාධිපතිවරයෙක් පත්වුණාම රටේ ඇතිවිය යුතු වෙනස්කම් හෝ  ඇතිකළ යුතු වෙනස්කම් කිසිවක් කරගන්න බැරිව අද අනුර කුමාර දිසානායක මහතා අතරමං වෙලා ඉන්න බවයි අපිට නම් පෙනෙන්නේ. එයට හේතුව වන්නේ අඩුගාණේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ වෙනසක්වත් නැහැ. ප‍්‍රතිපත්තිවල වෙනසකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය පාරෙම කිසි අඩුවක් නැතිව ගමන් කරන නිසා ” යැයි  සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

හසලක, මොරයාය ප‍්‍රදේශයේ පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකරනු ලැබීය. මෙම හමුව සමගි ජන බලවේග පක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික් සංවිධායක මිනිපේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් සේරසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ” ජනාධිපතිවරණය ගැන පරාජය ගැන නොයෙකුත් කතා කියනවා. ඒ කතා කොහොම කිව්වත් මම විශ්වාස කරන්නේ වත්මන් ජනාධිපතිවරයා මේ රටේ බහුතර කැමැත්ත මත තේරීපත් වූ ජනාධිපතිවරයෙක් නොවෙයි. ඇයි මම එහෙම කියන්නේ. එහෙම කියන්නේ මේ රටේ ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් සිටිනවා. මෙයින් දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිවරයාට ලැබුණේ පනස් හත් ලක්ෂයයි. ඒ කියන්නේ තුනෙන් දෙකක් වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය ප‍්‍රකාශ කරලා නැහැ. එහෙම නැත්නම් විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරලා.

එහෙමනම් තුනෙන් එකක් ඡන්ද දායකයාගේ ඡන්ද ලබාගත්තු ජනාධිපතිවරයෙක් දැන් පත්වෙලා ඉන්නේ. ඒක අපිට පැහැදිලිව පෙනෙනවා. ඒ බලය ලබාගැනීිම ව්‍යවස්ථානුකූල වුවත් ජනතාවගේ පිළිගැනීම ඉතාම අඩුයි. ඒක ඉතාම පැහැදිලි කාරණාවක්. ඒ විතරක් නොවෙයි ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපතිවරණයක් වැනි දැවැන්ත මැතිවරණයක් ජයග‍්‍රහණය කළාය කියලා කිසිම සතුටක් මහජනතාවගේ නැහැ. දැන් හොඳට බලන්න. දැන් කොහොමද ජනාධිපතිතුමා කියලා කාගෙන් හරි ඇහුවොත් ඔවුන් මුහුණෙන් මුහුණ බලනවා. එක්කෝ අඩුපාඩුවක් කියනවා.

එහෙම නැත්නම් අපි  හිතුවේ නැහැ මෙහෙම කරයි කියලා සමහර අය හිතනවා. ඒක ඇත්ත. ජනාධිපතිවරයෙක් පත්වුණාම රටේ ඇතිවිය යුතු වෙනස්කම් ඇතිකළ යුතු වෙනස් කම් කිසිවක් කරගන්න බැරිව අද අනුර කුමාර දිසානායක මහතා අතරමං වෙලා ඉන්න බවයි අපිට නම් පෙනෙන්නේ. ඇයි කිසිම වෙනසක් නැහැ. අඩුගාණේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ වෙනසක්වත් නැහැ. ප‍්‍රතිපත්තිවල වෙනසකුත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය පාරෙම කිසි අඩුවක් නැතිව ගමන් කරනවා. කරන්න ලැබෙන්නේ නැහැ “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories