හදිසි ආපදා තත්ත්වයෙන් ඇති වූ ගංවතුරින් බලපෑමට ලක් වූ මහනුවර අධිකරණයේ සියලු පහසුකම් කඩිනමින් ලබාදීමට තීරණය කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 08) පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.