2026 ජූලි 29 බදාදා, 07:43
නවතම පුවත්

විකුණන්න ගිය මිල්කෝ බිලියන 2ක වාර්තාගත අලෙවියක් වාර්තා කරයි

දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 2ක මාසික විකුණුම් ඉලක්කයක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වේ.පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ පවසා ඇත්තේ මෙය මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආදායම සනිටුහන් කරන බවයි.

කෙසේවෙතත්, දැනට මිල්කෝ සමාගමට රුපියල් මිලියන 240ක වාර්ෂික පොලී ගෙවීමක් සමඟ රුපියල් බිලියන 1.8ක හිඟ බැංකු ණයක් ඇති බව වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.“නව රජය බලයට පත්වී මාසයක් ඇතුළත මෙම ඉලක්කයට පැමිණීම සාධනීය ජයග්‍රහණයක්. පසුගිය රජය මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් අලෙවි කිරීමට තීරණය කර තිබියදී නව රජය එය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර කිරි ගොවීන්ට සති දෙකක ගෙවීම් ප්‍රමාදයක් පැවතීම, අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් අක්‍රියව පැවතීම, නිසි විගණනයක් සහ ගිණුම් සත්‍යාපනයක් නොමැතිකම වැනි අයහපත් මූල්‍ය තත්ත්වයන් මධ්‍යයේ ආදායම් ඉලක්කය සපුරා ගත් බව මිල්කෝ හි වත්මන් සභාපති හේමජීව ගෝඨාභය පවසයි.

මිල්කෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ඔහු මිල්කෝ නිෂ්පාදන රට පුරා සිටින පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැලසුම් කරමින් සිටින බවද පවසා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories