2026 ජූලි 29 බදාදා, 03:31
නවතම පුවත්

ආපදාවෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්

පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා අද විශේෂ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.
එහිදී ලේකම්වරයා පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් කුඹුරු හෙක්ටයාර 108,000ක ප්‍රමාණයක් ද, බඩඉරිඟු හෙක්ටයාර 6,600 ක්, උඩරට සහ පහතරට එළවළු වගා අතුරින් හෙක්ටයාර 6,143ක් මෙන්ම අනෙකුත් භෝග 11,000ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.

මෙම විනාශ වූ සමස්ත වගා හානි සඳහා කඩිනමින් වන්දි ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇතැයිද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා,

“මෙරට කුඹුරු වගාවන් හෙක්ටයාර් 615,000ක් වගා කර තිබූණා එයින් හෙක්ටයාර් 108,000ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් හානියට ලක්වෙලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 87,474ක් වගා කරලා තිබුණා ඒකෙන් හෙක්ටයාර් 6,600 ක ප්‍රමාණයක් විනාශයට පත්වෙලා තියෙනවා. අනෙකුත් ක්ෂේත්‍ර භෝග ගත්තාම හෙක්ටයාර් 27,600ක ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා ඒකෙන් 11,000 ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් විනාශට ලක්වෙලා තියෙනවා.

එළවළු ගත්තාම උඩරට හෙක්ටයාර් 5,893කින් 2,613ක් සම්පූර්ණ වශයෙන් හානියට පත්වෙලා තියෙනවා. පහතරට එළවළු ගත්තාම හෙක්ටයාර් 8,990කින් හෙක්ටයාර් 3, 530ක් සම්පූර්ණ වශයෙන් විනාශයට පත්වෙලා තියෙනවා. මේ ගොවිබිම්වල වගා කරලා තියෙන දරන ලද වියදමත්, එ් ගොවිබිම් නැවත වගාබිම් බවට පරිවර්ථනය කිරීම සඳහාත් තමයි මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛණයක් මගින් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක් ලබා දීලා තියෙන්නේ.

ඒ අනුව කුඹුරු හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් සහ බඩඉරිඟු සහ අනෙකුත් භෝග සඳහාත් හෙක්ටයාරයකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකුත් එළවළු සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකකුත් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා.
මේ සඳහා මූලික කටයුතු මේ වන විට කරමින් පවතිනවා. ඇතැම් ගොවි මහතුන් මේ වන විටත් වගා බිම් කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා මේ සියලු දෙනාම සැලකිල්ලට ගනිමින් මේ අනුමත මුදල් කඩිනමින් ලබා දීමට අපි කටයුතු කරමින් පවතිනවා. මේකෙදි යම්කිසි ගොවි මහතෙකුට යම් ප්‍රමාදයක් වගේ පේනවානම් ඔවුන්ට කෙලින්ම පුළුවන් අපගේ 1918 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා තොරතුරු කියන්න. “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories