2026 ජූනි 16 අඟහරුවාදා, 10:13
නවතම පුවත්

භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්

මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශ්වීය ණය වාරිකයක් සහ පොළිය ලෙස ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක්, පරිගණක හැකරුන් විසින් ලබාදුන් වංචනික ගිණුම් අංකයකට බැරවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ විගණනයක් සහ විමර්ශනයක් සිදුකළ යුතු බව “දිනන දකුණ” සාමූහිකය අවධාරණය කර සිටියි. එම සාමූහිකයේ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ, මෙම මුදල මීට මාස හතරකට පෙර ගෙවා ඇති බවත්, අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම සිදු කිරීමට පෙර මහා භාණ්ඩාගාරය දැනුවත් කර තිබූ බවත්ය.

විදේශ ණය සම්බන්ධ වගකීම දරන මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේත් සෘජු අධීක්ෂණය යටතේ පවතින බැවින් මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් එම සියලු අංශ වගකීම දැරිය යුතු බව එම නිවේදනය පෙන්වා දෙයි. රුපියල් මිලියන 800 කට අධික මෙම මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳව විමර්ශනය කිරීමට අතිරේක භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත් කිරීම “හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්” බඳු ක්‍රියාවක් බවට ද “දිනන දකුණ” සාමූහය චෝදනා කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ පාලනයෙන් බැහැර වූ ජාතික විගණන කොමිෂන් සභාව වැනි ස්වාධීන කණ්ඩායම් මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඊට අමතරව කෝප් කමිටු පරීක්ෂණයක් සහ මහ බැංකු පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බවත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories