2026 ජූලි 29 බදාදා, 08:34
නවතම පුවත්

කෙහෙල්බද්දර පත්මේගෙන් ගිනිඅවියක් පිළිබඳ අනාවරණයක්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පත්මේ’ නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක් සහ ඊට අයත් මැගසිනයක් සොයා ගැනීමට CID නිලධාරීහු සමත් වී සිටිති.

මෑතකදී ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ සහ පොලිසියේ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් පස්දෙනා අතර ‘කෙහෙල්බද්දර පත්මේ’ ද විය.

CIDයේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 මගින් ඔහු රඳවාගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී, ඔහු විසින් විවිධ අපරාධ සඳහා යොදාගත් ගිනිඅවියක් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව, ඌරගස් මං හන්දියට ආසන්න කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තිබූ එම ආයුධය සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 විසින් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories