2026 ජූලි 27 සඳුදා, 19:39
නවතම පුවත්

සරසවි ඇදුරෝ අද සිට වර්ජනයේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් මුල් කර ගනිමින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (සැප්තැම්බර් 30 වැනිදා) එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පහත දැක්වේ:

ආචාර්යවරුන්ගේ හිඟයට පිළියම් යෙදීම.

වැටුප් විෂමතා ඉවත් කිරීම.

සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනීමේදී කලින් පැවැති පහසුකම් නැවත ලබා දීම.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, මාසයකට පෙර මෙම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

තවද, අගමැතිවරිය ඇතුළු දේශපාලන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතා ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

වැඩ වර්ජනයට හේතු වූ තවත් කරුණක් ලෙස ආචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා වැටුපෙන් සියයට දහයක ප්‍රමාණයක් කපා හැරීම උපුටා දක්වා ඇත. බදු ඇතුළු අනෙකුත් අඩු කිරීම් ද සමඟ, සමස්ත වැටුපෙන් සියයට පනහක්වත් අතට නොලැබෙන තත්ත්වයක් පවතින බව චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සම්මේලනය විසින් උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ පිහිටි විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (30 වැනිදා) දහවල් කාලයේදී උද්ඝෝෂණ පැවැත්වීමට ද පියවර ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories