2026 මැයි 15 සිකුරාදා, 14:05
නවතම පුවත්

නාම යෝජනා භාර දීම අද දහවලින් අවසන්

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (ඔක්. 11) මධ්‍යහ්න 12:00ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නාම යෝජනා භාර දීමෙන් පසු මධ්‍යහ්න 12:00 සිට 1:30 දක්වා විරෝධතා කාලය ක්‍රියාත්මක බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කීය.

එහිදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ත් නාම යෝජනා දීමෙන් පසු පෙළපාලි, එක්රැස්වීම තහනම් බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

මේ අතර, තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඊයේ (ඔක්. 10) අවසන් වූ බව ත් භාර දෙන ලද අයැදුම්පත්වලින් ලැයිස්තු සැකසීමෙන් පසු එම පැකට්ටු තැපැලට නිකුත් කිරීම මේ මස 23 වන දා සිදු කරන බව ඔහු කීවේ ය.

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රවල නිලධාරීන්ට, මැතිවරණ කාර්යාල නිලධාරීන්ට, පොලිස් ස්ථාන නිලධාරීන්ට, මේ මස 30 සහ නොවැම්බර් 4 දෙදින තැපැල් ඡන්ද ලකුණු කිරීමට අවස්ථාව ලැබෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

අනෙකුත් තැපැල් ඡන්ද අයැදුම් කළ රජයේ නිලධාරීන් නොවැම්බර් 1 සහ 4 දිනවල තැපැල් ඡන්ද සලකුණු කළ යුතු බව ඔහු කීවේ ය.

අදාළ දිනයන්වලදී තැපැල් ඡන්ද ලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන්ට නොවැම්බර් 7, 8 දෙදින වෙන්කර ඇත.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඔක්තෝබර් මස 26 වන දා තැපැලට භාර දීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

මේ මස 27, 31 සහ නොවැම්බර් 3 වන දා එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමක් සිදුකරන බව රත්නායක මහතා කීවේ ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අවසන් බෙදීම නොවැම්බර් 7 වන දා ට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ අතර, අද දහවල් 12ට නාම යෝජනා භාර දීමෙන් පසු දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

නාම යෝජනා භාර දීම අවසන් වීමෙන් පසු ඒ ස්ථානවලට, ඒ අවට පරිශ්‍රයන් අවට හා මාර්ගවල අවශ්‍ය ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා නීතිය හා සාමය පවත්වා ගෙන යෑම සඳහා සියලු ම නියෝග සහ උපදෙස් පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

එබැවින් පක්ෂයක නාම යෝජනා භාර දීමෙන් අනතුරුව වාහන හෝ පාගමනින් පෙළපාලි නොයන ලෙසත් ඒ සඳහා කිසිසේත් ඉඩකඩ ලබා නොදෙන බව ත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

නිසි අවසරයක් නැතිව අදාළ තේරීම් භාර නිලධාරීන්ගේ කාර්යාලවලට හෝ එම පරිශ්‍රවලට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසත් නිසි අවසර පත්‍රයක් හෝ නිසි හඳුනා ගැනීමක් නැතිව කිසි ම අයෙකු එම ගෙඩනැගිලිවලට ඇතුළු නොකර ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

පරිශ්‍රයන් තුළ මෙන් ම පරිශ්‍රයෙන් පිටත පොලිසිය යොදවා ඇති බව ත් ඊට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පහසුව සඳහා රථ වාහන නිලධාරීන් ද යොදවා ඇති බව ත් ඔහු කීවේ ය.

මහ ජනයාට, වාහනවලට මාර්ගවල ගමන් කරන පිරිසට අවහිර වන ආකාරයට හා අවදානම් වන විදිහට අධිබලැති හඬ නංවන රතිඤ්ඤා පත්තු කිරීම නොකරන ලෙසත් ඒ සඳහා මහජනයාට හානියක් නොවන සුදුසු ස්ථාන තෝරා ගන්නා ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය.

සියලු ම ස්ථානාධිපතිවරුන් සහ ප්‍රදේශ භාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කර ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සූදානමක් ඇත්නම් වහා ම ඒවා ඉවත්කර අදාළ පුද්ගලයන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් දී ඇති බව ත් ඔහු කීවේ ය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories