2026 ජූලි 31 සිකුරාදා, 10:01
නවතම පුවත්

ලංකාවේ ඉන්ධන විකුණන විදේශීය සමාගමක් මෙරටින් පිටවෙන තිරණයක !

ඕස්ට්‍රේලියානු බලශක්ති දැවැන්තයෙකු වන යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum) හි දේශීය අනුබද්ධිත සමාගමක් වන United Petroleum Lanka Ltd මෙරට වෙළඳපල හැරයෑමට සූදානමින් සිටියි.

ඒ, ඔවුන් මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ වසරකටත් අඩු කාලයක් තුළදීයි.

United Petroleum Lanka Ltd මෙම මතභේදාත්මක මෙහෙයුම් අවසන් කිරීමට සාපේක්ෂව එම සමාගම එහි සේවකයන්ගේ කොන්ත්‍රාත්තු අවසන් කිරීමට සූදානම් වන බැවින් දැඩි අර්බුධයක පැනනැගී ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු ලෙස සමාගම පවසන්නේ, එහි පාලනයෙන් ඔබ්බට අනපේක්ෂිත තත්වයන් මෙරට මෙහෙයුම් අවසන් කිරීමේ තීරණයට බලපා ඇති බවයි.

එමෙන්ම මෙහෙයුම් අවසන් කිරීම සහ සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාගම දැනටමත් නිවේදනය කර ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව, කාර්ය මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් United Petroleum Lanka Ltd හි ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස් නිවේදනය කර ඇත්තේ, සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් තනතුරු කිහිපයක් අතිරික්ත ව පවතින බවයි.

එම රැකියා ගිවිසුම් ලබන මස මුල සිට අවසන් කිරීමට නියමිත බව ද එමගින් දැනුම් දී තිබේ.

“මෙය දුෂ්කර තීරණයක් වන අතර ඔබ සැවොම ව්‍යාපාරය සඳහා වෙහෙස වී දායකවීම සහ උත්සාහය අපි අවංකවම අගය කරමු” යනුවෙන් ද ලිපියේ සඳහන් වේ.

එමෙන්ම ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, සේවකයන් ඔවුන්ගේ අවසාන වැඩකරන දිනය වන විට සමාගම සතු සියලු වත්කම් ආපසු ලබාදිය යුතු බවයි.

එලෙස හදිසියේ සේවයෙන් ඉවත් කිරීම් හේතුවෙන් United Petroleum Lanka Ltd හි සේවකයන් අතර නොසන්සුන්තාවක් වර්ධනය වී ඇති අතර, ඔවුන් පවසන්නේ, හදිසි සහ අසාධාරණ සේවයෙන් පහකිරීමට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවයි.

සමාගම ගිවිසුම්ගත බැඳීම් සහ ශ්‍රී ලංකා කම්කරු නීතිවලට අනුකූල වීම සම්බන්ධයෙන් සේවකයින් නීතිමය උපදේශන ලබා ගනිමින් සිටින බව මූලාශ්‍ර උපුටා දක්වමින් Daily FT වාර්තා කරයි.

පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සමාගම මේ වනවිට රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

එහෙත් අභ්‍යන්තර මූලාශ්‍ර පෙන්වා දෙන්නේ, සමාගම සම්පූර්ණයෙන් වෙළඳපොළින් ඉවත්වීම වැළැක්විය නොහැකි බවයි.

ගැටළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාට සහ සීමාසහිත යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට සකච්ඡා කිරීමට පාර්ශව කිහිපයක් දැරූ උත්සහයන් ව්‍යාර්ථ වී ඇත.

එම සමාගම 2024 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳපලට ඉන්ධන සැපයීම නවතා දමනු ලැබීය.

ඒ, පවතින මිල සූත්‍රය සහ මෙහෙයුම් තත්ත්වයන් පිළිබඳ තෘප්තිමත් නොවන බව පවසමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories