2026 ජූලි 29 බදාදා, 06:25
නවතම පුවත්

ඉන්දියාවයි චිනයයි දෙකම බැලන්ස් කරන්න පුලුවන් – රජය කියයි

ඉන්දියාව සහ චීනය යන රටවල් ද්විත්ව සමගම රජය දැඩි රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් සහ විවෘතව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඕනෑම පර්‍යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට රජයට හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට රජයට හැකියාව පවතින බවත්, දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික දැක්මක් සහිතව රජය කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු සහ මෙරටට පැමිණ සිටින චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ප්‍රධානියකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

විදේශීය පර්‍යේෂණ නෞකා සඳහා පනවා ඇති වසරක තහනම ලිහිල් කිරීමට රජය කටයුතු කර ඇත්දැයි යනුවෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරිණි.

ඊට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

“නෑ. අපි ප්‍රශ්නය ගැන එකින් එක සළකා බලනවා. එහි අරමුණ මොකක්ද කියලා බලනවා. ආරක්ෂක මණ්ඩලයෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබාගත හැකියි. ඒ නිසා අපේ ස්ථාවරය තමයි අපි ප්‍රශ්න එකින් එක ගැන කාලයට අදාළව කටයුතු කරනවා.”

විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් චීනය විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකරන සමුද්‍රීය පර්යේෂණ කටයුතු පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවේ.

ඒ සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමිනි.

මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි සමුද්‍රීය පර්යේෂණ නෞකා කිහිපයකටද ඉන්දියාව දැඩි විරෝධයක් පළකළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories