වංචනිකව ඡන්දය ප්රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කොට තිබේ.
ඒ අනුව එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද නියම කළ හැකි අතර 2023 අංක 23 දරණ මැතිවරණ විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නීති තරකොට ඇති බව ද වාර්තා වේ.
මීට පෙර වංචනිකව ඡන්දය ප්රකාශකරන පුද්ගලයකුට නියම කල දඩ මුදල රුපියල් 500ක් බව ද සඳහන් වේ.