2026 ජූලි 28 අඟහරුවාදා, 05:00
නවතම පුවත්

ආපදාවට පත් අයට මී උණ වැළැක්වීමේ ඖෂධ නොමිලේ

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මී උණ (Leptospirosis) වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, සෞඛ්‍ය අංශ නොමිලයේ බෙදා හරින මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය වන ඩොක්සිසයික්ලින් (Doxycycline) මිලිග්‍රෑම් 200ක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ගංවතුරට සහ ආපදා තත්ත්වයට ලක් වූ ජනතාවට දැනුම් දෙයි.

ගංවතුර තත්ත්වයට මුහුණ දුන් සියලු දෙනා මී උණ වැළඳීමේ අවදානමට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් මෙම පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදා හරිමින් සිටී.

මෙම ප්‍රතිකාරය ඔබට හෝ ඔබේ අසල්වැසියන්ට අවශ්‍ය නම්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) ඇමතීමෙන් ද ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

මී උණ සඳහා ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200ක මාත්‍රාව ලබාගෙන සිටියද උණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බව ද ඇය කියා සිටියාය. මෙසේ වගකීමෙන් කටයුතු කිරීමෙන් ගංවතුර ආපදාවෙන් පසු ඇතිවිය හැකි මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට මහජනතාවට හැකි බව වසංගත රෝග අංශය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories