2026 ජූලි 31 සිකුරාදා, 23:47
නවතම පුවත්

ඔත්තු බැලූ චීන ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක්

ඔත්තු බැලීමේ වරදට චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක හිටපු ජනමාධ්‍යවේදියකුට වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් බීබීසී ලෝක පුවත් සේවයට තහවුරු කර තිබේ.

සිරදඬුවම් නියම කෙරුණු අදාළ ජනමාධ්‍යවේදියා 2022 සිට චීන බලධාරීන් විසින් රඳවා තබා ගෙන සිට ඇත.

ඔහු 62 හැවිරිදි ඩොං යුයූ නමැත්තෙකි.

යුයූ, අමෙරිකාවේ සහ ජපානයේ ශාස්ත්‍රීය හා පුවත්පත් කවයන් හි ක්‍රියාකාරිකයකු වූ අතර විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ නිරන්තරව සබඳතා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ජනමාධ්‍යවේදියා බීජිං හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ජපන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදීයි.

අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිනවිටත් යුයූ, චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පුවත්පත් පහෙන් එකක් වන Guangming Daily හි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

2022 පෙබරවාරි මාසයේදී, ඔහු බීජිං හි ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වූ දිනට පසු දින ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයකු සමඟ දිවා ආහාරය ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට බොහෝ විට විදේශීය මිතුරන් හමු වූ අවන්හලකදී බව ද පැවසේ.

චීන බලධාරීන් විසින් එම රාජ්‍ය තාන්ත්‍රිකයා ද රඳවාගෙන ඇති අතර අනතුරුව පැය කිහිපයකට පසුව ඔහුව මුදා හැර ඇත්තේ ජපාන රජයේ විරෝධතා මධ්‍යයේයි.

ඩොං ඔහුගේ රැකියාවේ කොටසක් ලෙස අනෙකුත් ජනමාධ්‍යවේදීන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් නිතිපතා මුණගැසී ඇතැයි පැවසෙයි.

යුයූගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අධිකරණ තීන්දුවකට අනුව, ඩොං යුයූ හමුවූ තවත් ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකු ‘ඔත්තු බැලීමේ සංවිධානයක නියෝජිතයන්’ ලෙස චීනය විසන් නම් කර ඇති බව පැවසෙන බවයි.

“විදේශ තානාපති කාර්යාලයක් ‘ඔත්තු බැලීමේ සංවිධානයක්’ ලෙස චීන බලධාරීන් නිර්ලජ්ජිතව සළකනු ලැබීම ගැන අපි කම්පනයට පත්වෙමු”, යනුවෙන් ඩොං යුයූගේ පවුලේ සාමාජිකයන් නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

“අද තීන්දුව යූයු සහ ඔහුගේ පවුලේ අයට පමණක් නොව, නිදහසේ සිතන සෑම චීන ජනමාධ්‍යවේදියකුටම සහ ලෝකය සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට කැපවී සිටින සෑම සාමාන්‍ය චීන ජාතිකයකුටම බලවත් අසාධාරණයක්” යැයි ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ඊයේ(29) ඩොංට දඬුවම් නියම කළ බීජිං හි අධිකරණයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව රොයිටර්ස් පුවත් වාර්තා කර තිබිණි.

ජනමාධ්‍යවේදීන්ට ඉන් පිටව යන ලෙස දන්වා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රිකයකු පැවසුවේ නඩු විභාගයට සහභාගී වීමට ඔවුන්ට අවසර හිමි නොවූ බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories