2026 ජූලි 31 සිකුරාදා, 03:08
නවතම පුවත්

නවක වදය ගැන කොළඹ මහා ශිෂ්‍ය සංගමයෙන් පැමිණිල්ලක්

කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු ප්‍රමාණයක් සම්බන්ධවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මෙරටේ විද්‍යාර්ථින් සුවිශාල ප්‍රමාණයකට සරසවි වරම් අත්කර දෙන ආයතනයකි.

එවන් පසුබිමක මේ දිනවල විශ්ව විද්‍යාල මූලික කරගෙන කථිකාවට භාජනය වී තිබෙන නවක වදය නම් ප්‍රස්තුතයට සමගාමීව කිසියම් පිරිසක් විසින් ව්‍යාජ අන්දමෙන් ඉස්මතු කර දක්වමින් එම තත්ත්වය කොළඹ විශ්ව විද්‍යාලයටත් මෙරටේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතැම් විශ්ව විද්‍යාලයන් වෙතටත් අභූත චෝදනා එල්ල කරමින් පදනම් විරහිත ප්‍රකාශ ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කිරීමට අවකාශයක් ලෙස භාවිත කරනු ලබන බව හඳුනා ගත හැකි ය.

සමාජ මාධ්‍ය ඔස්සේ වේවා, ඕනෑම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අප පිළිගන්නා නමුත් මේ අන්දමින් විද්‍යාර්ථින්ගේ නම්, පින්තූර, වීඩියෝපට, පෞද්ගලික තොරතුරු සෘජුව ම සමාජගත කරමින් ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයටත්, පෞද්ගලික ජීවිතයටත් හානි කරමින් සිදු කරන මඩ ප්‍රහාරයන්ට විරුද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව දන්වා සිටිමු.

එහිදී යම් ආකාරයක නවක වදයක් වේවා කිසියම් අපරාධයක් වේවා සිදු වී තිබේ නම් එය පැහැදිලි ලෙසම විමර්ෂණය කොට අධිකරණමය ක්‍රියාදාමයක් ඔස්සේ තීන්දු, විනිශ්චයන් ලබා දීමේ නිසි කාර්‍ය පටිපාටියක් තුළ සිදු කිරීම විනා මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තම තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් මත තවකෙකුගේ ආත්ම ගරුත්වය කෙළෙසන ආකාරයෙන් භාවිතා කිරීම කිසිසේත් ම අපට අනුමත කිරීමට නොහැකිය.

එහෙයින් උක්ත තත්ත්වය සම්බන්ධව සොයා බලා විමර්ෂණය කොට මෙලෙස ව්‍යාජ ආකාරයෙන් සිදු කරන මඩ, අපහාස, අවලාද සහ චෝදනාවන්ට සහ එලෙස සිදු කරන සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධව පැහැදිලි සහ කඩිනම් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories