හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත. විශේෂයෙන්ම 2016 ජුලි මස සිට 2020 නොවැම්බර් දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමෙන් ආගමන හා විගමන පාලක පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයාගේ උපදෙස් මත ඇයට එරෙහිව චෝදනා හතක් ගොනු කර තිබේ.