පවතින ශීත සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන්ම පෙර පාසල් වයසේ දරුවන් අතර උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බහුලව පවතින බැවින්, එවැනි ලක්ෂණ දින තුනකට වඩා පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා අවධාරණය කරයි. මේ අතර, දිවයිනේ වායු ගුණාත්මකභාවය ද මේ දිනවල පහළ මට්ටමක පවතින නමුත් ඉදිරි දින දෙක ඇතුළත එම තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.