2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

රතු නිවේදන ඉවත් කළත් අවදානම පහව ගොස් නෑ

දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදන මේ වන විට ඉවත් කර තිබුණද, එම ප්‍රදේශවල පවතින අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි. පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණත්, පස අභ්‍යන්තරයේ පවතින අස්ථාවර බව හේතුවෙන් ඕනෑම මොහොතක අනතුරක් සිදුවිය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, වර්ෂාව අඩු වීම නිසා රතු නිවේදන ඉවත් කළද, ජනතාව තමන් පදිංචිව සිටි අවදානම් ස්ථාන කරා යාමේදී අතිශයින්ම ප්‍රවේශම් විය යුතු බවයි. විශේෂයෙන්ම, අදාළ තාක්ෂණික නිලධාරීන් පැමිණ එම ස්ථාන පරීක්ෂා කර ආරක්ෂිත බව තහවුරු කරන තෙක් ජනතාව එම ස්ථානවලට නොගොස් සිටීම වඩාත් උචිත බව ඇය අවධාරණය කළාය.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශ රැසක පස් ස්ථර ලිහිල් වී ඇති අතර, එවැනි ස්ථානවල නායයෑම්, ගල් පෙරළීම් හෝ පස් කඩා වැටීම් සිදුවීමේ ඉඩකඩ තවමත් පවතී. එම නිසා රජයෙන් ලබාදෙන නිල උපදෙස් මත පමණක් කටයුතු කරන ලෙසත්, තම වටපිටාවේ සිදුවන කිසියම් අසාමාන්‍ය වෙනස්කමක් නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories