2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:51
නවතම පුවත්

ඖෂධ තහනමෙන් පසුත් රෝගීන්ට එන්නත දීලා

මතභේදයට තුඩු දී ඇති ඉන්දීය බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සම්පූර්ණ වගකීම භාරගත යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. පෞද්ගලික සමාගමක් මඟින් මෙම එන්නත් මෙරටට ගෙන්වූවද, ඒවායේ තත්ත්ව පාලනය තහවුරු කර ගැනීමේ මූලික වගකීම ඖෂධ නීතිගත සංස්ථාව සතු බව ඒ මහතා අවධාරණය කරයි.

බැක්ටීරියාවක් අඩංගු බවට තහවුරු වී තිබියදීත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකළ පූර්ව පරීක්ෂණවල දෝෂයක් පවතින බව පෙනී යන බව කුමුදේශ් මහතා පෙන්වා දෙයි. සියලු වගකීම් පෞද්ගලික සමාගමක් මත පමණක් පටවා ඖෂධ නියාමන අධිකාරියට සහ නීතිගත සංස්ථාවට සිය වැරදි වසා ගැනීමට නොහැකි බවත්, මෙම ක්‍රියාවලියේදී සිදුව ඇති බරපතල අතපසුවීම් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

මහනුවර ජාතික රෝහලේ රසායනාගාරය මත මෙම ගැටලුව පටවමින් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පටු උත්සාහයක නිරත වන බවට ද වෘත්තීය සමිති නායකයා චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ රසායනාගාර වාර්තා අභියෝගයට ලක් කිරීමට රෝහල් රසායනාගාරයකට නොහැකි බවත්, රෝහල් මට්ටමින් කෙරෙන පරීක්ෂණ තත්ත්ව පාලන පරීක්ෂණ ලෙස සැලකිය නොහැකි බවත් මෙහිදී අනාවරණය විය.

වඩාත් බරපතල කරුණ වන්නේ ඖෂධ නියාමන අධිකාරිය විසින් දෙසැම්බර් 12 වනදා අදාළ එන්නත තහනම් කර තිබියදීත්, අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ රෝහල තුළම 13 වනදා රෝගීන් 13 දෙනෙකුට එම එන්නත ලබා දීමයි. එන්නත ලබා දුන් එක් රෝගියෙකු මිය ගොස් ඇති අතර, ඔහුගේ මරණ සහතිකයේ ඖෂධය පිළිබඳව සඳහන් නොවීම සැක සහිත බවත්, එක්කෝ මරණ පරීක්ෂණ වාර්තාව හෝ ඖෂධයේ බලපෑම පිළිබඳ තොරතුරු වසන් කරන බවටත් ඔහු සැක පළ කරයි.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියට සමාන අයුරින්ම මෙම ඖෂධ ජාවාරම ද ක්‍රියාත්මක වී ඇති බව රවී කුමුදේශ් මහතා පවසයි. මෙම සිද්ධියට වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය ආරක්ෂා කරනවා වෙනුවට, පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කිරීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories