2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

රත්මලාන බිහිරි විද්‍යාල භූමියෙන් උණ්ඩ තොගයක් හමුවේ

රත්මලාන බොරුපන බිහිරි විද්‍යාල භූමියේ වළදමා තිබූ දෙවන ලෝක යුද්ධ සමයට අයත් බවට සැකකෙරෙන උණ්ඩ 1,770 ක තොගයක් සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වාර්තා කරයි. මෙම උණ්ඩ තොගය මුලින්ම නිරීක්ෂණය වී ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුන් සමඟ එක්ව කසළ දැමීම සඳහා වළක් කපමින් සිටි අවස්ථාවකදීය. බිස්කට් දවටන දෙකක ඔතා තිබූ මෙම උණ්ඩ තොගය දුටු වහාම විද්‍යාලයේ විදුහල්පතිනිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඇය විසින් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

පැමිණිල්ලට අනුව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහිදී අඩි තුනක් පමණ ගැඹුරු වළක තිබී මෙම උණ්ඩ සොයාගත් බව පොලිසිය පවසයි. වළ තුළ තවත් උණ්ඩ පවතින්නේ දැයි සොයා බැලීම සඳහා කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවීමට පියවර ගත් අතර, ඔවුන් සිදුකළ වැඩිදුර සෝදිසි කිරීම්වලදී තවත් උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම අසාමාන්‍ය සොයා ගැනීමත් සමඟ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, මෙම උණ්ඩ තොගය කොපමණ කාලයක් එම ස්ථානයේ තිබුණේද යන්න සහ ඒවායේ වත්මන් තත්ත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වේ. පවතින සාක්ෂි අනුව මේවා දෙවන ලෝක යුද සමයේදී භාවිත කළ උණ්ඩ බවට මූලිකව නිගමනය කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories