උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (ජූලි 10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම භූ කම්පනය නවදිල්ලි අගනුවරට සහ අවට ප්‍රදේශයන්ටද දැනී ඇති බවයි. පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.