ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමේ ප්රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වන ‘දිනන දකුණ සාමූහිකය’, වත්මන් දේශපාලන ගතිකයන් තුළ පවතින පරස්පරතා සහ රජයේ වගවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම වාර්තාවට අනුව, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින දැඩි කලකිරීම සහ රජයේ පාලන ධාරිතාව කෙරෙහි පවතින විශ්වාසය […]
පිළිකා ඖෂධ හිඟය සහ ප්රමිතියෙන් තොර ඖෂධ ගැන CID විමර්ශනයක් ඉල්ලයි

මෙරට පිළිකා රෝහල් පද්ධතිය තුළ පවතින දැඩි ඖෂධ හිඟය සහ වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ඖෂධ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සහ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු වෛද්ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලදී. මෙහිදී […]
සෞඛ්ය සේවයට හෙට සිට අලුතින් 213ක්

දිගු කලක් තිස්සේ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් රාජ්ය සෞඛ්ය කළමනාකරණ සහකාර තනතුර සඳහා අලුතින් තෝරාගත් 213 දෙනෙකුට හෙට (27) දින පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු යොදා තිබේ. 2021 වසරේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවසානයේ පවත්වනු ලැබුවේ පසුගිය 2025 වසරේදීය. මෙම බඳවා ගැනීම් සඳහා මුලින් අවසර හිමිව […]

අද පෙරවරුවේ සිට GMOA අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයක රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (26) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ක්රමවේද පහක් ඔස්සේ මෙම විරෝධතාව ක්රියාත්මක වන බවයි. මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය යටතේ රෝහල් පද්ධතිය තුළ නොමැති […]
වෛද්ය වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඊයේ (23) ආරම්භ කරන ලද වැඩ වර්ජනය තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය සංජය තෙන්නකෝන් මහතා ප්රකාශ කළේ, ඒ අනුව දිවයිනේ ප්රධාන සහ උප ප්රධාන රෝහල් ඇතුළු සියලුම රජයේ රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව […]
පවතින ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග සහ වායු දූෂණය ඉහළට

පවතින ශීත සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් අතර ශ්වසන පද්ධතිය ආශ්රිත වෛරස් රෝග ව්යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්ය අංශ පවසයි. විශේෂයෙන්ම පෙර පාසල් වයසේ දරුවන් අතර උණ, කැස්ස, සෙම්ප්රතිශ්යාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ බහුලව පවතින බැවින්, එවැනි ලක්ෂණ දින තුනකට වඩා පවතී නම් වහාම වෛද්ය උපදෙස් ලබාගත යුතු බව වෛද්ය […]
ගාල්ල පිළිකා ඒකකයේ විකිරණ ප්රතිකාර සම්පූර්ණයෙන්ම නවතී.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්රතිකාර ඒකකයේ විකිරණ ප්රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර ලබා දීම සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්රය පසුගිය සඳුදා දින (12 වෙනිදා) සිටත්, කොබෝල්ට් (Cobalt) විකිරණ ප්රතිකාර යන්ත්රය පසුගිය බදාදා දින (14 වෙනිදා) සිටත් මෙලෙස බිඳවැටීමට ලක්ව ඇත. […]
නැගෙනහිර පළාතේ වෛද්යවරු වැඩවර්ජනයක

නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) වෛද්ය වර්ජනයක් ආරම්භ කර තිබේ.අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත් එම තනතුර සඳහා වෙනත් අධ්යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇත.ඒ අනුව නැගෙනහිර පළාතේ, මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, […]
බෙහෙත් කතාවට නලින්ද බිලියනයක් වන්දි ඉල්ලයි

සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්රකට යූටියුබ් ක්රියාකාරිකයෙකු වන ධර්මසිරි කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් මෑතකදී භාවිතය අත්හිටුවන ලද ආන්දෝලනාත්මක ඔන්ඩන්සෙට්රොන් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් අමාත්යවරයා වෙත එල්ල කළ අපහාසාත්මක ප්රකාශ මෙයට හේතු වී ඇත. අදාළ යූටියුබ් නාලිකාව හරහා ප්රචාරය කළ වැඩසටහනක් […]
රෝගී කාන්තාවකට අතවර කළැයි වෛද්යවරයකු අත්අඩංගුවට

වෑතර ප්රදේශයේ රෝහලකට ප්රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන එම රෝහලේ වෛද්යවරයෙකු කහතුඩුව පොලීසිය විසින් පෙරේදා (නොවැම්බර් 24) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි වෛද්යවරයෙකි. ගෝනපල ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 19 වැනිදා වෑතර රෝහල වෙත ප්රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ […]