2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:52
නවතම පුවත්

ජනාධිපති මන්දිර ඇතුළු බංගලා ගැන ආණ්ඩුව තීරණයක් ගනී

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර නිසි පරිදි ප්‍රයෝජනයට (උපයෝජනය කිරීම ) ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇමැති නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලනය යටතේ රජයේ බංගලා නිවාස 50ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා ඇත.

හිටපු ජනාධිපතිවරුන්, ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන්කිරීම සිදු කර තිබේ.

එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලනය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත.

ඊට අමතරව, රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතී.

එසේම, අගමැති කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අගමැති නිල නිවාසයක් තිබේ.

ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේ මෙම රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපළ ප්‍රයෝජන නොගන්නා මට්ටමේ පවතින බවයි.

එබැවින්, එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories