2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:31
නවතම පුවත්

අනුර යාපා අත් අඩංගුවට ගැනීම ගැන පාඨලී කතා කරයි.

“සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය හාල් ඇටයක් දෙන්න, පොල් ගෙඩියක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න බැරිකමේ, තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිලි සිටින, ගොත ගගහා ඉන්න, කෙඳිරි ගගා ඉන්න ආණ්ඩුවක් දැන් හදන්නේ මේ වගේ ක්‍රියාවලීන් හරහා ජනප්‍රිය වෙන්න.” “අපි හිතුවෙ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලයි කියලා, ආර්ථික අර්බුදයට වගකිව යුතු පිරිස, ඊ වීසා වංචාවට සම්බන්ධ අය අල්ලයි කියලා. සංවිධානාත්මක විපක්ෂයක් ඇති වෙනවට බයේ කරපු වැඩක් මේක”

අනුර යාපා අත් අඩංගුවට ගැනීම ගැන පාඨලී කතා කරයි.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා 2014 ගංවතුර ආධාර බෙදාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් දක්වන ලද අදහස් පහත දැක්වේ.

“අනුර හරිනි ආණ්ඩුවේ පළමු දඩයම හැටියට හිටපු අමාත්‍ය අනුර යාපා මැතිතුමාත්, එම මැතිණියත් අත් අඩංගුවට අරන් තියෙනවා. 2014 දී ගංවතුර ආධාර බෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මේ ඇත්තෝ බලයට ආවේ, අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කියලා, බැඳුම්කර වංචාවට වහාම පිළිතුරු දෙනවා කියලා. අපි හිතුවේ 2022 ආර්ථික අර්බුදයට වගකිවයුතු පිරිසකට මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත දඬුවම් දුන්නා උසාවියෙන්. අපරාධ නඩු පනවලා ඒ පිළිබඳව බලගතු විමර්ශනයක් කරයි කියලා. මාස 10ක් පාස්පෝට් එකක් ගන්න බැරි කරපු ඊ වීසා වංචාවෙන් කෝටි 320ක් රටට අහිමි කරපු දේශපාලකයින්ට, නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගනී කියලා. මාස හතරක් ගෙවිලා ගියා.

ඒ කිසිවක් නැතුව අනුර යාපා මහතා හා එම මැතිණිය දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටිපස්සේ තියෙන්නේ දේශපාලනය. වෙන මොකුත් නෙවෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ හා බැඳුනු කණ්ඩායම් අලුතෙන් ප්‍රතිසංවිධානය වෙලා නව නායකත්වයක් හැටියට අනුර යාපා මැතිතුමා තෝරගෙන ඒ හරහා ප්‍රබල දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින විට තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. පසුගිය ජනවාරි අට වෙනිදා ලද ඒ මහජන වේදිකාව වැඩපිළිවෙළ යටතේ විශාල දේශපාලන හා සමාජ ක්‍රියාකාරියන් පිරිසක් නැවත එකමුතු වුනා. සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය; හාල් ඇටයක් දෙන්න, පොල් ගෙඩියක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න බැරිකම, තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිලි සිටින, ගොත ගගහා ඉන්න, කෙඳිරි ගගා ඉන්න ආණ්ඩුවක් දැන් හදන්නේ මේ වගේ ක්‍රියාවලීන් හරහා ජනප්‍රිය වෙන්න. ඉතින් මේ ගැන අපේ තදබල විරෝධය පමණක් නෙවෙයි. මේ රටේ මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අයටත් ඡන්දේ නොදීපු අයටත්, හැම කෙනාගෙන්ම අපි ඉල්ලන්නේ මේක නෙමෙයි මේ ආණ්ඩුවට ලැබුණු ජනවරම පසුපස තියෙන්නේ.

නියම අපරාධකරුවන් හොයාගෙන යන්න. ඒ නියම අපරාධකරුවන්ට රට බංකොලොත් කළ පිරිස් වලට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා ක්‍රියා නොකළහොත් මේ සඳහා ප්‍රබල මහජන විරෝධයක් ඇති කරන්න අපි කටයුතු කරනවා. මේක ආරම්භය පමණයි. මොවුන්ට එරෙහිව කතා කරන, මොවුන්ට එරෙහිව ක්‍රියා කරන, සියලුදෙනා දඩයම් කිරීම සඳහා අර බෝල්ෂෙවික් සෝවියට් දේශයේ තිබුණු චෙකා පොලීසියේ තත්වයට අද මේ රටේ රහස් පොලිසිය පත්වෙලා. පොලිස්පතිවරයාට දීලා නැහැ නිල පත්වීමක්. එය පාවිච්චි කරමින් තමයි මේක කරන්නේ. ස්වාධීනව කටයුතු කරන්න. මේ පිළිබඳව මේ රටේ මිනිස්සුත් නීතියත්, ඒ වගේම ලෝකයත් බලාගෙන සිටිනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories