2026 ජූලි 29 බදාදා, 03:56
නවතම පුවත්

දළදා දැක්මට සැදැහැවතුන් ලක්‍ෂ 20ක් ඒවි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර-

මෙවර දළදා දැක්ම සඳහා ලක්ෂ විස්සකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ දළදා දැක්ම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 06 දා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

දින දහයක කාලයක් පැවැත්වෙන මෙම දළදා දැක්ම සඳහා පැමිණෙන සැදැහැවතුන් මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ප්‍රවේශ කර ගන්නා බවත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුළු ආයතන රැසක් එක්ව සම්පාදනය කරන බවත් ඒ මහතා කීවේය.

පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ඇතුළු කර ගන්නා සැදැහැවතුන් දළදා වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් පිටත් කරන බවත් ඔවුන්ට මහ මළුව සහ අවන්හල දෙසින් බැහැරට ගමන් කිරීමට කටයුතු සලසා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, රාත්‍රී කාලයේ දී දන්සල්, දුම්රිය ඇතුළු ප්‍රවාහන පහසුකම් රැසක් පැමිණෙන සැදැහැවතුන් සඳහා සම්පාදනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වුණු බව ද ඒ මහතා පැවසුවේය.

දළදා දැක්ම ක්‍රියාත්මක කාලයේදී මහනුවර නගරයේ පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවත් එම දින කිහිපයේ දී මහනුවර කේන්ද්‍ර කොටගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී තවදුරටත් පැවසුවේය.

බදුලු මුතියංගණ රජමහ විහාරයේ භාරකාර අස්ගිරි මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි, මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories