ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසාන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අතර, තරගය සුපිරි පන්දු වාරයේදී ඉන්දියාවට ජය ගැනීමට හැකියාව ලැබුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. එම ඉනිම අවසානයේ ඉන්දියාව කඩුලු 5 කට ලකුණු 202ක් රැස් කළා. Abhishek Sharma 61, Tilak Varma නොදැවී 49, Sanju Samson 39 දායක වුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකාව ද ගැටුමෙන් පසු නොහැර ලකුණු 202ක් ලබාගත් අතර කඩුලු 5ක් දැවී පන්දුවාර 20 අවසන් කළා. ශ්‍රී ලංකා පක්ෂයෙන් පැතුම් නිස්සංක සුපිරි අරගලයකින් ලකුණු 107 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ හේතුවෙන් තරගය සුපිරි පන්දු වාරයකට ගියේය. එහිදී පළමුවෙන් පිවිසූ ශ්‍රී ලංකාව ලකුණු 2ක් පමණක් ලබා ගනිමින් කඩුලු 2ක් දැවුණා. එයට පිළිතුර දුන් ඉන්දියාව ලකුණු 3ක ඉලක්කය පහසුවෙන් රැස් කරමින් ජය හිමි කර ගත්තා.