2026 ජූලි 26 ඉරිදා, 02:03
නවතම පුවත්

JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නිර්මාතෘ රෝහණ විජේවීරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් රජය විසින් මෙතෙක් රුපියල් දෙකෝටි හැටහය ලක්ෂයකට අධික මුදලක් (රු. 26,278,052.39) වැය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ නිල ලේඛනයට අනුව මේ පිළිබඳ තොරතුරු රැසක් හෙළි වී තිබේ.

1989 නොවැම්බර් 13 වන දින සිදු වූ රෝහණ විජේවීර මහතාගේ මරණයෙන් පසු, ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දරුවන් හයදෙනා (දසුන් ඊගා, සුපුන් මාගා, මායා විභූති, අමා සසිරි යන දියණියන් සහ උවිඳු විදුර, සුපුන් අදිශ යන පුතුන්) රජයේ නඩත්තුව හා ආරක්ෂාව යටතට ගෙන ඇත.

එම පවුලේ සාමාජිකයන්:

  1. 1992 ජූනි 11 සිට 1999 අගෝස්තු 22 දක්වා – ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය තුළද,
  2. 1999 අගෝස්තු 23 සිට මේ දක්වා – වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය තුළද

රඳවාගෙන ආරක්ෂාව සපයා ඇත.

අදාළ ලේඛනයට අනුව, වර්තමානය වන විටත් රජයේ ආරක්ෂාව සහ නඩත්තුව ලබන්නේ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය සහ විශේෂ අවශ්‍යතා සහිත තෙවන දියණිය වන මායා විභූති විජේවීර මහත්මිය පමණි.
ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව සහ නඩත්තුව වෙනුවෙන් වර්තමානයේ රජය විසින් මසකට රුපියල් 153,220.25 ක මුදලක් වැය කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories