2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:24
නවතම පුවත්

දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය හෙට

ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය හෙට (15) ඉල් පෝය දින පැවැත්වෙයි.

ඉල් පුන්පෝය දා පස්වරු 3.54ට යෙදෙන සුබ මොහොතින් දේවාල චතුරශ්‍රය වටා කාර්තික පෙරහැර ගමන් කරයි.

පෙරහැර ගෙවදීමෙන් අනතුරුව දළදා මාලිගාව ප්‍රමුඛ කොටගත් සෙසු විහාර හා දේවාලවලත් එම මොහොතේම කාර්තික මංගල්‍යය හෙවත් පහන් ආලෝක පූජාව පවත්වන බවයි ශ්‍රි දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළ මාධ්‍ය වෙත පැවසිය.

ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකසා දෙන සුභ මුහුර්ත අනුව ප්‍රදීප පූජාව හා පෙරහර මංගල්‍යය පැවැත්වීමට නියමිතය.

ඊට පෙර දිනක මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පහන් ආලෝක පූජාව සඳහා විහාර දේවාලවලට නියමිත පොල්තෙල් බෙදාදීම සිදුකළ බව ශ්‍රි දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළ පැවසුවේය.

දළදා වහන්සේ උදෙසා කරන උත්තම පූජාවක් ලෙසයි වාර්ෂිකව මෙම කාර්තික පෙරහර මංගල්‍යය පවත්වනු ලබයි.

ගිනි දෙවියන් පිදීම සහ අග්නි පූජාව ඈත අතීතයේ පටන් පැවතියත් එය බුදුසමයෙන් අර්ථ ගැන්වී පහන් පූජා පින්කම බවට පත්ව ඇත.

අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය සිහිගන්වමින් අසූහාරදහසක් පහන් පූජා පින්කම් පැවැත්වීමට බොදුනුවන් ක්‍රියා කරන්නේ පහන් පූජාව ආමිස පූජාවක් වශයෙන් සලකමින් ය.

කුරුධම්ම ජාතක කථාවේ සඳහන් පරිදි කුරු රට ධනංජය නම් රජකුගේ මෙහෙයවීමෙන් ඉල් හෙවත් නොවැම්බර් මාසයේදී කාර්තික නම් සැණකෙළිය පැවැත්වූ බව සදහන් වේ.

කාර්තික මංගල්‍යයේ අරමුණ පහන් දැල්වීම වන අතර එය හින්දු සම්ප්‍රදායේ පිළිවෙතකි.ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් උදෙසා කාර්තික මංගල්‍යය පැවැත්වීමේ සම්ප්‍රදාය අනුව යමින් එම පූජාව ශ්‍රී දළදා වහන්සේ වෙත ගෞරව බැතියෙන් සිදු කරනු ලබයි.

අතීත රජවරු විසින් දිනපතා සතිපතා මාසිකව සහ වාර්ෂිකව කළා වූ පුදපූජා චාරිත්‍ර විධි අදටත් එලෙසින්ම සිදුකරයි.

ඒ අතර අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන ප්‍රධාන හතරට අමතරව වෙසක් පෙරහර, පොසොන් පෙරහර සහ මැයි ජූනි මාසවල්දී වාහල නාග උපසම්පදා පෙරහරද වාර්ෂිකව පවත්වනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories