2026 ජූලි 31 සිකුරාදා, 15:36
නවතම පුවත්

නළු මන්ත්‍රී උද්දිකගේ වෙඩි තැබීමේ රංගනයට ගෑවුණ ASP මහානාමගේ සුපිරි කාර් 2ක් ඇතුළු දේපළ තහනම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ ක්‍රියාව මෙහෙය වූයේ යැයි කියන සහකාර පොලිස් අධිකාරි සංජීව මහතාට අයත් යැයි කියන රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ඇතුළු වාහන තුනක් හා ඉඩම් දෙකක් මාස තුනක කාලයකට තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (සැප්. 18) නියෝග කළේ ය.

සංජීව මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපළ උපයා ගැනීමේ විමර්ශන අංශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලබන දෙසැම්බර් 18 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි එකී තහනම් නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව, සී.බී.සී. 7199 දරන මෝටර් රථය, අංක සී.ඒ.ඒ. 8210 දරන මෝටර් රථය හා අංක එල්.එල්. 9825 දරන ලොරි රථයත්, උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරගම් කෝරළයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටස, සමගිපුර ගමේ රජයේ ඉඩමට මායිම්ව පිහිටි අක්කර එකකට අධික ඉඩම් කොටස එලෙස තහනමට ලක් කෙරිණි. ඔහුගේ බිරිය සන්තකයේ තිබූ බව කියන BMW මෝටර් රථය අවුරා ලංකා සමාගමේ හිමිකරු විරංජිත් තාඹුගලගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories