මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් දියත් කර තිබේ.
මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වන්නේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගෙනයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මෙය දියත් කරනු ලැබූ අතර, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මෙරට සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන බවයි.