2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:59
නවතම පුවත්

අනුර කුමාර උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු යි.

අනුර දිසානායක යාපනයට පැමිණ තර්ජනකාරී ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ත් ඒ වෙනුවෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහා ම සමාව ගත යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී පැවසීය.

දකුණේ මතයට හවුල් නොවුණහොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව සිතනු ඇතැයි අනුර දිසානායක මහතා යාපනයට පැමිණ කියා තිබෙන බව පැවැසූ ජනාධිපතිවරයා එම ප්‍රකාශය තමන් හෙළා දකින බව ද සඳහන් කළේ ය.

අනුර දිසානායක ‘ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම්’ කියමින් උතුරේ ජනතාවට තර්ජනය කර ඇතැයි කී හෙතෙම සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු යැයි ප්‍රකාශ කළේ ය.

මෙවැනි ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ඉදිරියේදී ඔහුට යාපනයට පැමිණීමට නොහැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පසුගිය දා (සැප්. 7) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

උතුරේ ජනතාව 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකාට ද, 2015දී මෛත්‍රීපාල සිරිසේනට ද, 2019දී සජිත් ප්‍රේමදාසට ද ඡන්දය ලබා දුන් නමුත් මෙවැනි තර්ජනයන්ට, බලපෑම්වලට හෝ ගැටලුවලට මුහුණ දීමට සිදු නොවුණු බව ද ජනාධිපතිවරයා කීය.

අනුර දිසානායක උතුරේ මෙන් ම දකුණේ ජනතාව බියවැද්දවීමට උත්සාහ කරන බව ත් ජනතා විමුක්ති පෙරමුණේ ‘ස්ටයිල්‘ එක එය බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

තමාගේ සැලැස්ම ඉදිරිපත් කර උතුරේ ජනතාවගේ වටිනා ඡන්දය ලබා ගැනීමට අනුර දිසානායක මහතා උත්සාහ කර ඇතැයි පැවැසූ හෙතෙම අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව ත් තර්ජන කිරීම් ගැන උතුරේ මෙන් ම දකුණේ ජනතාවගෙන් සමාව ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ වාඩි වෙන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින බව ත් කීය.

උතුරේ ජනතාව මෙවැනි තර්ජනයන්ට බිය නොවන බව ත් තවදුරට ත් එවැනි තර්ජනයන් සිදුකිරීමට ඉඩ නොදෙන බව ත් පැවැසූ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නියමිත භූමිකාව ඉටු කළේ නම් අනුර කුමාර දිසානායක ඉහළට නොයන බව සඳහන් කළේ ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories