2026 ජූලි 29 බදාදා, 07:41
නවතම පුවත්

පාර්ලිමේන්තු කෑම වේලට කැකිරි, පිපිඤ්ඤා, – තරු පහේ හෝටල් කෑම නෑ -මහලේකම් කුෂානි රෝහණධීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වැනි ආහාර වේලක් ලබාදෙන්නේය යනුවෙන් සමාජයෙහි පැතිර ඇති මතය සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

“පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන කිව්වා. ඒ ආහාර වේල් ගැන කියනකොට මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ මේ සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර වේලක් මේ සියලු දෙනාම ලබාගන්නවා කියලා හිතනවා නම් ඒක ඉතාම වැරදි මතයක්. විශේෂයෙන්ම මට ඉතාම නිර්භයව කියන්න පුළුවන් මේ කෝවිඩ් තත්වයත් එක්කම අපි ඒ වෙනතෙක් තිබුණු සරල රටාවටත් වඩා සරල රටාවකට හුරු වුණා. බොහෝ දේවල් නැතිව සාමාන්‍ය ආහාර වේලක් තමයි මේ මන්ත්‍රීවරුන්ට ලබලා දෙන්නේ. අපි ගෙවල්වල කනවා වගේ කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වගේ එළවලුත් එක්ක මස් හෝ මාළු සමග ආහාර වේලක් ලබාදෙන්නෙ. ඒ වගේම මේ වියදම ගණනය කිරීමේදීත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ මුළු වියදම කිව්වාම මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා දායක වෙන දෙපාර්තමේන්තු 09ක් පාර්ලිමේන්තුවේ තියෙනවා. කාර්ය මණ්ඩලය 950ක් පමණ සිටිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 300 – 400 ක් පමණ ඉන්නවා. ඊට අමතරව ජනාධිපතිතුමා වැනි විශේෂ අමුත්තන් සහභාගී වෙනවා නම් ඒ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඒ දවස්වලට එනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන වෙනම ඒකක තිබෙනවා. ඒ හැරුණාම රජයේ ආයතනවලින් නිලධාරීන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට එනවා. රැස්වීම් දිනයක, කාර්යබහුල දිනයක 3000ක් පමණ පිරිසක් ඉන්නවා. නමුත් මේ අයට පාර්ලිමේන්තුවේ වියදමින් කන්න දෙනවා කියන කතන්දරයත් මම කැමතියි ප්‍රතික්ෂේප කරන්න.

පාර්ලිමේන්තුව තියෙන්නෙ දියවන්නාවෙන් වටවුණු තැනක. මෙතන ඇතුළට ආවාට පස්සෙ ඒ අයට පිටට ගිහින් කන්න විදියක් නෑ වැඩ ඔක්කොම නවත්තලා. මම මේ කියන්නෙ ජනතාව සාමාන්‍ය අහන්න කැමති නැති දේවල් ටිකක් – එතකොට මේ සියලු වියදම්, විදුලිය, ජලය, මේ සේරම එකතු කරලා 225න් බෙදන එක වැරදියි. දැන් මන්ත්‍රීවරුන්ට එල්ල කරන මේ චෝදනාවෙදී අපි නිලධාරීන් වශයෙන් කියා සිටිනවා ඇත්ත වශයෙන්ම ඒ චෝදනාව නම් වැරදියි කියන එක”

පාර්ලිමේන්තු මහලේකම්වරිය මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories