2026 ජූලි 29 බදාදා, 03:24
නවතම පුවත්

දිට්වා සුළි කුණාටු වින්දිතයින්ට ලක්ෂ 50ක නිවාස වන්දි ලබාදීම අනුරාධපුරයෙන් ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමේ සහ නව නිවාස ඉදිකිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 9) අනුරාධපුරයෙන් ආරම්භ විය.

‘Rebuilding Sri Lanka’ (ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම) මැයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, පූර්ණ නිවාස හානි සිදු වූ පවුල් සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගනය, සිරිමාපුර යන ප්‍රදේශවල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය, රීදිගම සහ දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු අද දිනයේ සමාරම්භ කළ බවයි.

ස්වභාවික විපතින් අසරණ වූ ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, මෙම ව්‍යාපෘතිය හරහා විනාශ වූ යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories