2026 ජූලි 31 සිකුරාදා, 05:03
නවතම පුවත්

රනිල්, සජිත්, අනුර ප්‍රතිපත්ති සංසන්දනයට ඩිජිටල් මෙවලමක්

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්‍ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන හා පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට ‘2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සංසන්දකය’ මැයෙන් ඩිජිටල් මෙවලමක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් එළිදක්වනු ලැබ ඇත.

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම ඇති මෙම ඩිජිටල් මෙවලම වෙත https://manthri.lk/en/presidential-election-manifesto-2024 යන සබැඳිය ඔස්සේ මහ ජනතාවට පිවිසීමට අවස්ථාව ඇති බව වෙරිටේ රිසර්ච් කියයි.

මෙම ඩිජිටල් මෙවලමට ඉහත දක්වා ඇති QR කේතය හරහා ද සම්බන්ධ වීමට හැකි බව වෙරිටේ ආයතනය මහ ජනතාව වෙත පවසයි.

රනිල්, සජිත් සහ අනුර ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන්වලින් ලබා දී ඇති පොරොන්දු මෙම ඩිජිටල් මෙවලම තුළ සංසන්දනය හා ඇගයීම සිදුකරන බව ත් එම අපේක්ෂකයන් ජනතාවට ලබා දුන් පොරොන්දු 1,500ක් පමණ එම සංසන්දනාත්මක විග්‍රහය සහිත ඩිජිටල් මෙවලම වෙත ඇතුළත් කර ඇති බව ත් වෙරිටේ ආයතනය දැනුම් දෙයි.

මේ අතර, ඡන්ද පොරොන්දු මෙම ඩිජිටල් මෙවලමට එකතු කිරීමේදී ප්‍රකාශයන් සහ පුරෝකතනයන් හා බැඳුණු පොරොන්දු නොසලකා හැර ඇති බව ත් ඒ වෙනුවට ක්‍රියාවක් හා බැඳුණු පොරොන්දු කෙරේ අවධානය යොමු කර ඇති බව ත් එම ආයතනය පවසයි.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සංසන්දනයෙන් අපේක්ෂකයන් ලබා දී ඇති පොරොන්දු තේමා 15ක් ඔස්සේ එකිනෙක සසඳා බැලීමට මහ ජනතාවට අවස්ථාව ලැබෙන බව ඔවුහූ පවසති.

මේ අතර, පරිශීලකයන්ට තමන්ගේ ම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව මෙම ඩිජිටල් මෙවලම ඔස්සේ සලසා දී ඇති බව ත් එසේ නිර්මාණය කරන ‘මන–කල්පිත’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සමග කොපමණ තරමකට ගැළපේ ද? යන්න සංසන්දනය කළ හැකි බව ත් වෙරිටේ ආයතනය වැඩිදුරට ත් කියයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories