2026 ජූලි 29 බදාදා, 11:22
නවතම පුවත්

උතුරේ සැමරුම් 244ක් පවත්වලා.පොලිස් ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයන් කරමින් පැවසීය.

ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය .

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තවදුරටත් මෙසේ පැවසීය .

” අපට ලැබුණේ ජාතික සමගිය වෙනුවෙන් වන ජනවරමක් උතුරේ දකුණේ ලාංකිකයන් ජාති භේද ආගම් භේද පසෙක තබා ඒ ජන වරම ලබා දුන්නා .

පසුගිය දිනවල මහවිරු සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා. මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා. එහෙත් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා

ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා ඊට විමර්ශන ද කෙරෙනවා.

උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා. ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා
අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

උතුරෙහි පැවැත්වෙත සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්‍රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා . උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන ඇයුරින් පසුගිය වසර වල පැවැත් වු එල්ල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කරලා .

එම ඡායාරූප අන්තර්ජාලයෙන් බාගත කර තිබෙනවා . සමහර ඒවා විදේශ වල පැවැත්වූ උත්සව . දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙත අයුරින් මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබෙනවා .”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories