පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82 ක් සමග පානදුර වෑකඩ ජනඋදාන ගම්මානයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. අද අළුයම රාත්‍රි අමුත්තන්ගේ රාත්‍රිය නමින් සිදුකල විශේෂ මෙහෙයුමකදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක්ප්‍රිය ඇතුළු නිළධාරීන් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවස පරීක්ෂා කිරීමේදී තැන තැන සගවා තිබූ විවිධ මාදිලියේ ජංගම දුරකථන 82 ක් සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.
පොලිසිය සදහන් කරන්නේ සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් , ඔහු වැටලීම සිදුකරන මොහොතේ නිවසේ සිට නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් ය.