2026 ජූලි 31 සිකුරාදා, 08:11
නවතම පුවත්

උසස් පෙළ විභාගය කල් දාන කතා බොරු. -විභාග කොමසාරිස්-

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමක් සිදුකරන බවට සමාජ ජාලා ඔස්සේ පළවන අසත්‍ය ප්‍රචාරවලට හසු නොවන ලෙසත්, විභාගය කල් දැමීමක් ගැන බියක් ඇති කර නොගන්නා ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සමාජ ජාලා ඔස්සේ පළවන වැරැදි ප්‍රචාර හේතුවෙන් අයැදුම්කරුවන් විභාගය පිළිබඳව අවිනිශ්චිතභාවයකින් සිටින බව පැවැසූ කොමසාරිස්වරයා උසස් පෙළ විභාගය පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන නිල නිවේදන හැර සමාජ ජාලාවල පළවන අසත්‍ය පුවත් නොපිළිගන්නා ලෙස ද සඳහන් කළේ ය.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළවන විභාග කාලසටහනට පමණක් අවධානය යොමුකරන ලෙසත්, වෙනත් වැරැදි කාලසටහන් පරිශීලනය නොකරන ලෙසත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමිත් ජයසුන්දර මහතා මේ බව කීය.

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25දා සිට දෙසැම්බර් 20දා දක්වා පැවැත්වෙන බව ද කොමසාරිස්වරයා පැවසීය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,317කදී දින 22ක් පැවැත්වෙන මෙවර විභාගයේ විෂයන් 64කට පාසල් අපේක්ෂකයන් 253,390ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 79,795ක් ඇතුළුව සිසුන් 333,185ක් අයැදුම්කර තිබෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර, මහ මැතිවරණය හේතුවෙන් උසස් පෙළ විභාගයේ දින වකවානු වෙනස් නොවන බව ත් මැතිවරණ කොමිෂන් සභාව සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බව ත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

විභාගයට බාධාවක් නොවන ලෙසට මැතිවරණ කටයුතු සිදුකරන ලෙසට මැතිවරණ නිලධාරීන්ට තමා උපදෙස් ලබා දී ඇතැයි කී කොමසාරිස්වරයා විභාගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ බව ද පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories