2026 ජූලි 27 සඳුදා, 20:42
නවතම පුවත්

“බාල ඖෂධ නතර කරන්න මෝදි මැදිහත් වෙයිද?” – වෛද්‍ය චමල් සංජීවගෙන් තීරණාත්මක ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය හා ගුණාත්මකභාවය පිළිබඳ පවතින බරපතළ අර්බුදයට විසඳුමක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රමිතියෙන් යුත් නවීන ඖෂධ පරීක්ෂණ රසායනාගාර ජාලයක් මෙරට පිහිටුවීමට සහය වන ලෙස ඉල්ලා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සංදේශයක් යොමු කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් අත්සන් කළ මෙම සංදේශය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ඊයේ (29) දින භාර දෙනු ලැබීය.

මෝදිගෙන් ඉල්ලන ප්‍රධාන සහන 4ක්

ඉන්දියානු රජයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය අපේක්ෂාවෙන් මෙම සංදේශය හරහා ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඇත:

  • ප්‍රමිතිගත රසායනාගාරයක්: ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ඖෂධ නියාමන හා තත්ත්ව පාලන රසායනාගාරයක් පිහිටුවීම සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහය.
  • නවීන තාක්ෂණය: උසස් රසායනාගාර උපකරණ, විශ්ලේෂණ තාක්ෂණ හා තත්ත්ව සහතික පද්ධතියක් ස්ථාපිත කිරීම.
  • පුහුණු අවස්ථා: ශ්‍රී ලංකාවේ නියාමන විද්‍යාඥයින් සහ තාක්ෂණ නිලධාරීන් සඳහා වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීමේ තාක්ෂණික පුහුණුව ලබා දීම.
  • තිරසාර සහයෝගීතාව: ඖෂධ හා සෞඛ්‍ය අංශවල තිරසාරත්වය සහතික කිරීම සඳහා ද්විපාර්ශ්විකව නිපුණතාව සහිත කණ්ඩායමක සහය ලබා ගැනීම.

“සෞඛ්‍යය දේශපාලනයෙන් ඔබ්බට යා යුතුයි”

සංදේශය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේ සෞඛ්‍යය යනු දේශපාලන විෂය පථයෙන් ඔබ්බට ගිය, රටේ සමස්ත මහජනතාවගේම ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීමක් බවයි.

විශේෂයෙන් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමේදී, ඉන්දියානු තත්ත්ව සහතික පමණක් පදනම් කර නොගෙන ඒ පිළිබඳව විශේෂඥ කමිටුවක පසු විපරමකට අදාළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පරිපාලනයේ වෙනසක අවශ්‍යතාව

පසුගිය වසර 76ක කාලය තුළ සාර්ථකව පැවති සෞඛ්‍ය පද්ධතිය, මෑත කාලීන දේශපාලන හා රාජ්‍ය සේවයේ කඩා වැටීම් හමුවේ අගාධයට ගිය බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම කඩා වැටීමට වගකිවයුතු නිලධාරීන් සමඟ සෞඛ්‍ය පද්ධතිය යහපත් කළ නොහැකි බවත්, මහජන විශ්වාසය දිනාගත හැකි වගකීම් දැරිය හැකි නව නිලධාරී හා දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාව වත්මන් ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories