2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:22
නවතම පුවත්

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් වංචාවට අදාළව චීන කතක් අල්ලයි

ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් වංචාවකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය ලන්ඩනයේදී වරද පිළිගෙන තිබේ. අත්අඩංගුවට ගත් බිට්කොයින් වත්කම්වල වටිනාකම පවුම් බිලියන 5කට (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7කට) අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති 47 හැවිරිදි මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගෙන ඇත.

මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කළේ, ඇය 2014 සහ 2017 අතර කාලයේදී චීනයේ මහා පරිමාණ වංචාවක් මෙහෙයවා ඇති බවයි. එහිදී වින්දිතයන් 128,000කට අධික පිරිසක් රවටා සොරකම් කරන ලද මුදල් බිට්කොයින් වත්කම් ලෙස ගබඩා කර ඇති බව අනාවරණය විය. ඇය සන්තකයේ තිබූ බිට්කොයින් 61,000ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව වරද පිළිගැනීම වසර හතක් පුරා සිදු කළ සංකීර්ණ විමර්ශනයක ප්‍රතිඵලයක් බව මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කරයි. අපරාධ වත්කම් පිළිබඳව 2018 වසරේදී ලැබුණු තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පොලිසිය තවදුරටත් කියා සිටියේ, චියැන් අත්අඩංගුවට ගැනීමට පෙර වසර පහක් පුරා යුක්තියෙන් මිදී සිටි බවත්, ඇයව අත්අඩංගුවට ගැනීමට බහුවිධ අධිකරණ බලතල ඇතුළත් සංකීර්ණ විමර්ශනයක් අවශ්‍ය වූ බවත්ය. ඇය ව්‍යාජ ලේඛන භාවිත කරමින් චීනයෙන් පලා ගොස් එක්සත් රාජධානියට ඇතුළු වී ඇති අතර, එහිදී සොරකම් කරන ලද මුදල් දේපළ මිලදී ගැනීමෙන් විශුද්ධිකරණය කිරීමට උත්සාහ කර ඇති බව මෙට්‍රොපොලිටන් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories