2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:06
නවතම පුවත්

සෑම දිනකම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.

මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය.

“සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ. ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ. මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories