2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ ඉඩමේ කේක් කපයි !

දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ සමීපතමයන් සිහිපත් කළ හැකි නමුත් ත්‍රස්තවාදීන් සැමරීම කළ නොහැකි බව රජය කළින්ම ප්‍රකාශ කළේය.

බදාදා (නොවැම්බර් 27) මාවීරර් නාල් (මහවිරු දිනය) සැමරීම උතුරේ ඇතැම් ස්ථානවල සිදුවිය.

කලාපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සුපුරුදු ඝෝෂාකාරී ලෙස මහවිරු දිනය සනිටුහන් කිරීමට හෝ එය සැමරීමට නොහැකිව දෙමළ ජාතිකවාදී දේශපාලනඥයන් අසීරු තත්ත්වයකට පත්විය.

කෙසේවෙතත් ඔවුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, පෙර දින එනම් නොවැම්බර් 26 දිනට යෙදී තිබූ ඝාතනයට ලක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරමින්, ඔහු සුපුරුදු පරිදි රජයේ නිවේදනයේ සීමාවන් උරගා බැලීමට උත්සාහ කළේය.

ඝාතනයට ලක් වූ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට ඔහුගේ ආධාරකරුවන් තීරණය කළේ, කලක් ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස තිබූ හිස් ඉඩමකදීය.

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පසුගිය කාලයේ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද අතර, ඉතිරිව ඇත්තේ හිස් විවෘත ඉඩමකි.

එහි ආධාරකරුවන් කෙටි කේක් කැපීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

ප්‍රභාකරන්ගේ රුව තිබූ බැනරයේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණේ ‘දෙමළ ඊළාම් ජාතික නායක අතිගරු වී. ප්‍රභාකරන් මෙම නිවසේ ජීවත් වූ” බවයි.

එල්.ටී.ටී.ඊ. නායකයාගේ රුව භාවිත කිරීම නිසා පොලිසිය වහා ක්‍රියාත්මක වී එම රූපය ටේප්වලින් ආවරණය කිරීමට කඩිනම් පියවර ගත් නමුත් කිසිදු බාධාවකින් තොරව උත්සවය පැවැත්වීමට ඉඩ ලබාදුන්නේය.

කේක් කැපීමේ උත්සවයෙන් පසු ආධාරකරුවන් විසින් උත්සවයට පැමිණි පිරිස සඳහා රුක් පැළ බෙදාදීම ද සිදුකරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories