යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න ප්‍රමාණයකින් යුත් පාර්සල් 154ක් පොලීසිය විසින් අද (22) අළුයම සිය භාරයට ගෙන ඇත.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව පොලීසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.