2026 ජූලි 27 සඳුදා, 18:22
නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඉලක්ක කර ගනිමින් මේ වන විට දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. එහි ආසන්නතම පියවරක් ලෙස, අධිකාරියේ වත්මන් සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ අවශ්‍යතාවය පරිදි, වසර පහළොවක පමණ කාලයක් එහි මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිත් එදිරිසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද සේවය කර ඇති ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඒ මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ කිසිදු මූලික පරීක්ෂණයකින් පවා තොරව වීම විශේෂත්වයකි.

මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ වන විටත් නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණ ද, ඊට අදාළ විභාගයන් සඳහා පෙනී සිටීම වත්මන් සභාපතිවරයා දිගින් දිගටම මගහරිමින් සිටින බව ද දැනගන්නට ඇත.

මේ අතර, අධිකාරිය තුළ පවතින මෙම දැඩි දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම් හේතුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ද දැඩි අස්ථාවරත්වයකට පත්ව තිබේ. එහි එක් පියවරක් ලෙස, අධිකාරියේ නිල බලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කර ඇති අතර, එල්ල වන විවිධ බලපෑම් දරාගත නොහැකිව මුදල් අමාත්‍යාංශය නියෝජනය කළ නියෝජිතයා ද සිය කැමැත්තෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී ඇත.

පාලනාධිකාරියේ මෙවැනි දැඩි ව්‍යාකූල සහ මතභේදාත්මක පසුබිමක, ලබන බදාදා දිනයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා තිබීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories