2026 ජූලි 31 සිකුරාදා, 11:03
නවතම පුවත්

කඩුලු වැටුණත් එංගලන්තය ශක්තිමත්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටියේය.

කඩුල්ලේ රැඳී සිටින ගස් ඇට්කින්සන් ලකුණු 74ක් හා මැතිව් පොට්ස් ලකුණු 20ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 08වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් පවත්වමින් සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීම තෝරාගත්තද, ජෝ රූට්ගේ අගනා ශතක ඉනිම හේතුවෙන් එම තීරණයෙන් සැලකිය යුත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වූහ.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 130ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලකුණු 143ක් රැස්කර ඉනිමේ 07වැනි කඩුල්ල ලෙසින් දැවි ගියේය. පන්දු 206කින් ගොඩනැගුණු රූට්ගේ ඉනිමට හතරේ පහර 18ක් ඇතුළත් විය.

මෙය සිය ක්‍රිකට් දිවියේ රූට් වාර්තාකළ 33වැනි ටෙස්ට් ශතකය විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 40ක්, හැරී බෘෘක් ලකුණු 33ක් හා ජෙමී ස්මිත් ලකුණු 21ක් රැස්කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු (2/84), මිලාන් රත්නායක (2/80) හා ලහිරු කුමාර (2/75) කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් විය.

අද තරගයේ දෙවැනි දිනයයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories