2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:28
නවතම පුවත්

ඉල්ලා අස්වීම තහවුරුයි හෂාන් ගෙදර එයි

බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති අතර, එම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

තිලකරත්න මහතා 2022 ඔක්තෝම්බර් මාසයේදී වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත එරට කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය. එම කොන්ත්‍රාත්තුව මෑතකදී අවසන් වුවද, බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා දීර්ඝ කර තිබිණි.

ශ්‍රී ලංකා පුහුණුකරුගේ ඉල්ලා අස්වීම තහවුරු කරමින්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ කාන්තා දෙපාර්තමේන්තු භාර හබිබුල් බෂාර්, ක්‍රික්බස් වෙබ් අඩෙවියට පැවසුවේ ‘ඔහු තවදුරටත් සේවය කිරීමට කැමති නැති බව බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පැවසුවා’ යනුවෙනි.

ක්‍රික්බස් වාර්තාවට අනුව, තිලකරත්න යටතේ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය එතරම් සෑහීමකට පත්ව නැත. මේ නිසා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා පුහුණුකරු සමඟ ගිවිසුම අලුත් කිරීමට උනන්දුවී නැති බවද සඳහන් වේ. මෙය වටහා ගත් ඔහු තනතුර අත්හැරීමට තීරණය කළ බවත්, එම වගකීම දේශීය පුහුණුකරුවකුට පැවරීමට අවශ්‍ය බවත් එරට පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

ජනවාරි මාසයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරය, කාන්තා පුහුණුකරු තිලකරත්න මහතාගේ අවසන් පැවරුම විය. මේ සංචාරයේදී, බංග්ලාදේශ කණ්ඩායම කො‍දෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය 2-1ක් ලෙස සහ විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්විය.

එහිදී බංග්ලාදේශ කාන්තාවන්ට එක්දින තරගාවලිය ජය ගැනීමට හැකි වූයේ නම්, ඔවුන්ට එළඹෙන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඍජු අවස්ථාවක් ලැබෙනු ඇත. මේ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ තරගවලදී ඔවුන්ට බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය වැනි කණ්ඩායම් සමඟ ක්‍රීඩා කිරීමට සිදුව ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories