කොලොන්නාව නිමාව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන නළයක් පුපුරා යෑම් හේතුවෙන් මේ වන විට ප්රදේශයේ කිහිප තැනකම ඉන්ධන වහනයක් සිදුවෙමින් පවතී .
නිමාව තෙල් සංස්ථාවේ නිළධාරීන් අද (30) උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාව සිදු කළාහ. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මෙම නළය මීතොටමුල්ල ප්රදේශයේ පිහිටා ඇති බවයි. ඊට අමතරව මෙම ඉන්ධන නළය ආශ්රිත ප්රදේශයේ වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බවයි.
කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල පිහිටා තිබෙන JET A1 නමැති ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළය හානි වීමෙන් මෙම තෙල් කාන්දුව සිදු වී ඇති බවද අනාවරණය විය.
මේ වන විට තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් හරහා ඉන්ධන ඉවත් කරමින් පවතිනවා. සංස්ථා නිලධාරීන් විසින් නළයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදුකෙරෙයි .