2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:08
නවතම පුවත්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ චීන කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නැයි සමාගම් 5ක් රජයෙන් ඉල්ලයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාද වී තිබෙන 1 වැනි කොටස සඳහා 2015-16 දී චීන ලෝහ විද්‍යාත්මක සංස්ථාව (MCC) වෙත ලබා දී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කර විවෘත, විනිවිද පෙනෙන ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩර් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ.

ඇක්සෙස් ඉංජිනියරින්, මාගා ඉංජිනියරින්, KDA වීරසිංහ සහ සමාගම, NEM Construction, Lanka Infrastructure Development Consortium(LIDC) සහ
International Construction Consortium (Pvt) Ltd යන සමාගම් මෙම ඉල්ලීම සිදුකර ඇත.

1 වැනි කොටසේ ඉතිරි කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන්නේ නම් සැළකිව යුතු පිරිවැය අඩුවීමක් සිදුවනු ඇතැයි LIDC සමාගම අවධාරණය කරයි.

එම සමාගම පෙන්වා දෙන්නේ පවතින ගනුදෙනුව යටතේ කිලෝමීටරයකට මිල අමෙරිකානු ඩොලර් මිලියන 33ක් පමණ වූ බවයි.

කෙසේවෙතත්, 2 වැනි කොටස දේශීය සමාගම් විසින් වැයකර ඇත්තේ කිලෝමීටරයකට අමෙරිකානු ඩොලර් මිලියන 18ක පමණ මුදලකි.

LIDC සමාගම විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත්තේ වසර ගණනාවක් ප්‍රමාද වූ, පසුව අත්හිටුවන ලද 1 වැනි කොටසේ ‘ඉතිරි තීරණාත්මක වැඩ’ සම්පූර්ණ කිරීම සඳහා චීන MCC ය වෙත දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 7.5කට ආසන්න මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමත කිරීමේ පසුබිමකය.

නව පරිපාලනයේ තීරණය පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනි දින ගනු ලැබූ නමුත් එය ප්‍රසිද්ධියට පත් නොකෙරිණි.

2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර රනිල් වික්‍රමසිංහ රජය විසින් මෙම මුදල MCC වෙත ගෙවීමට ගත් එහෙත් ප්‍රකාශයට පත් නොකළ පෙර තීරණයක් සනාථ කිරීමකි.

කඩවත-මිරිගම කිලෝමීටර් 37ක කොටස, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස වූ නමුත් වසර නවයකට පසුවත් එය නිම කිරීමට ආසන්න වී හෝ නොමැත.

මීරිගම සිට කුරුණෑගල දක්වා 2 වැනි කොටස 2022 ජනවාරි මාසයේදී විවෘත කරන ලදී.

දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් දේශීය බැංකු හරහා සිදු කිරීමට නියමිත කාර්යයට අරමුදල් සැපයීම අමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ සැළකිව යුතු පිරිවැය අඩු කිරීමට හේතු වන බව LIDC සමාගම පවසයි.

මෙය සෘජු ආර්ථික ප්‍රතිලාභ ද ඇති කරන අතර එමගින් සියලුම මුදල් පාහේ දේශීය මූල්‍ය හා බැංකු පද්ධති තුළ ඉතිරි වේ.

LIDC සමාගම විසින් පුරෝකථනය කරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මාස 24ක් ඇතුළත 1 වැනි කොටස අවසන් කළ හැකි බවටයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories