2026 ජූලි 29 බදාදා, 10:52
නවතම පුවත්

‘අර්ජුන් මහේන්ද්‍රන් වෙන පාරකින් ගෙන්වීමට යයි’

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් මත නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළවුණේ 2021 වසරේදී කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් යැයි ඔහු සඳහන් කළේ ය.

නව වැඩපිළිවෙල ගැන විස්තරාත්මකව කිව නොහැකි නමුත් නීතිපතිවරයා සමග අඛණ්ඩව කෙරෙන සාකච්ඡා මගින් ඊට අදාළ පියවර ගනිමින් සිටින්නේ යැයි අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු එහිදී මෙසේ ද ප්‍රකාශ කළේ ය.

“2021 වසරේ ඉදිරිපත් කළ ඉල්ලීමක් තමයි ඔය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ ලියුම මෑතකදී තමා මාධ්‍යයට නිකුත් කරලා තිබුණේ. නමුත් අපි නීතිපතිවරයා සමග ඒ ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඔහු ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙල අලුත් විදිහකින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙහිදී නීතිමය පියවර කිහිපයක් ගන්න තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ගන්න නීතිපතිවරයා කටයුතු කරගෙන යනවා.”

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකරනු ලැබ ඇති පැමිණිල්ලක සැකකරුවෙකු වශයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නම්කර ඇති අතර පසුගිය පෙබරවාරි මස 25 වන දා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 2024 නොවැම්බර් 26 වන දා නියෝග කළේ ය.

සිංගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පනය කළ නොහැකි බව එරට බලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළ කළේ ඉන්පසු ය.

උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද්‍රන් යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ අධිපති ධුරයට පත්කෙරුණේ එල්ල වූ විශාල දේශපාලන විරෝධය නොසලකා ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories