2026 ජූලි 31 සිකුරාදා, 21:10
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කාන්තා විනිසුරුවන් සඳහා නව සංගමයක්

මාර්තු 08 වැනි දින සමරනු ලබන අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව පැවති ශ්‍රී ලංකා කාන්තා විනිසුරුවරුන්ගේ සංගමයේ (SLAWJ) සමාරම්භක රැස්වීමේදී නව පත්වීම් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා විසඳීම සඳහා පිහිටුවා ඇති එම සංගමයේ සමාරම්භක රැස්වීම සඳහා හිටපු සහ විශ්‍රාමික කාන්තා විනිසුරුවරුන් විසිහයදෙනෙකු (26) එක්රැස්වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ සහ මේනකා ජයසුදර පිළිවෙලින් සංගමයේ සභාපති සහ උප සභාපති ලෙස පත්කර ඇති අතර, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන සංගමයේ අනුශාසක ලෙස පත්කරන ඇත.

එහිදී අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මෙසේ පැවසුවාය, “මෙම රැස්වීම සංවිධානයක ආරම්භය පමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙනයෑම, අධිකරණ අඛණ්ඩතාව ශක්තිමත් කිරීම සහ අධිකරණය තුළ කාන්තාවන් බලගන්වන නීති පද්ධතියක් පෝෂණය කිරීම සඳහා සාමූහික කැපවීමක් සනිටුහන් කරයි.”

සමාජ අපකීර්තියට අභියෝග කිරීමෙන් සහ කාන්තාවකට තම වෘත්තීය සහ පෞද්ගලික වගකීම් යන දෙකම සාර්ථකව සමතුලිත කළ හැකි බව පෙන්නුම් කිරීමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ වෘත්තීන් හැදෑරීමට වැඩි කාන්තාවන් දිරිමත් කිරීමට සංගමය උත්සාහ කරන බව විනිසුරු වික්‍රමසිංහ අවධාරණය කළාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories